අපි මුලින්ම බලමු Payza Account එක Verify කරගන්න හැටි.
Payza Account Verification.ඔබ Payza වල Register උන කෙනෙක් නම් දැන් ඔබට ඇත්තේ Unverified Account එකක්. ඒ බව දැනගන්න පුළුවන් ඔබේ Account Page එකේ දකුණු පැත්තේ ඉහල කෙලවර බැලුවම.
හරි. ලංකාවේ අපිට Account එක Verify කරගන්න පුළුවන් ක්‍රම 2කයි තියෙන්නේ.
1. යම් මුදලක් Payza එකට Deposit කරන එක. ($40ක්)
2. Credit / Debit Card එකක් මගින් Verify කරගැනීම.
2වෙනි ක්‍රමය තමයි ඉතාම සරල ක්‍රමය. මතක තියාගන්න මේ Verify එකක් කරන එකේ අදහස අපි Payza එකට දුන්නේ සත්‍ය තොරතුරුද කියල එයාල Check කරල බලන එක. ඉතින් බොරු විස්තර දීල නන් Account එක හැදුවේ Verify කරගන්නවත් බොරු.
හරි අපිට මේකට HNB Debit Card එකක් ඕනෙ කරනවා. වෙන බැංකුවල Debit Cards හරියන්නේ නෑ. ඒ වගේම ඕනෙම Credit Card එකක් නන් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් HNB Account එකක් නැත්තම් ඒ Account එකක් පටන්ගන්න වෙනවා ගිහින්. Account එක පටන් ගන්න කොටම එයාල අපිට Debit Card එකත් දෙනවා. මතක ඇතුව බැංකුවට කියන්න ඔයට Online Transactions කරන්න ඕනෙයි කියලත්. එතකොට වෙනම Form එකකුත් දෙයි පුරවන්න. Card එක Active වෙන්න දවස් 2ක් යනවා. දැන් එහෙනන් එහෙම Active වුනු Card එකකුත් අරගෙන Payza Account එක Verify කරගන්නේ මෙහෙමයි.
*Account එකේ Account Verification කියන එක කරන්න.( Main Menu එකේ)
*ඒ යටතේ තියන Credit Card Verification එක Select කරන්න.
*දැන් එන Page එකේ ඔබේ Card එකේ විස්තර ඇතුලත් කරන්න. Card Number එක CCV එක වගේ දේවල් ටික. (CCV එක කියන්නේ අර Card එකේ Sign කරන තැන තියන අංක 3ට )
*එහෙම දීල Submit කරලා දාන්න. දැන් එයල කියනවා ඔබේ Card එකෙන් $1ත් $2ත් අතර ගණනක් අපි අය කලා, ඒ මුදල නිවැරදිව ඩොලර් වලින් ඇතුලත් කරන්න කියලා. දැන් කරන්න තියෙන්නේ Bank එකට Call එකක් දීල අපේ Card එකෙන් වැයවුණු මුදල කීයද කියල ඩොලර් වලින් අහගන්න එක. මෙන්න Number එක .
HNB Card Centre - 0114523523
*දැන් ඒ ගාණ අර Payza Account එකේ එයාල Amount එක අහන තැනට දීලා Okay කරන්න. දැන් ඔබේ Account එක Verify වෙලා ඇති. බොහොම පහසුයි මේ වැඩේ.
Neteller Account Verification
Neteller Account එක Verify කරගන්න නන් Card මුකුත් ඕනෙ වෙන්නෙ නෑ. මේක Payza එකටත් වඩා පහසු ක්‍රමයක්. මේකට ඉතින් සුද්දගේ භාෂාවෙන් තියන ID එකක් ඕනෙ කරනවා. Driving License එකක් වගේ තියනව නන් ලේසියි. නැත්තන් Uni ID එකක්, Passport එකක් වගේ උනත් කමක් නෑ. NIC එක නන් එයාල පිළිගන්නේ නෑ. මොකද එයලට සිංහල බෑලුනේ.
කරන්න තියෙන්නේ පුංචි දෙයයි. ID එක Scan කරලා හොඳට මුළු හතරම පේන විදිහට JPG Image files දෙකක් හදලා ඒක එයාලට යවන්න විතරයි. දවසක් ඇතුලත Account එක Verify වෙනවා.
ඉතින් හිතනව මේක උදව්වක් වෙන්න ඇති කියලා. ඔබට ජය..!!
Thank you very much.It helped me a lot
ReplyDeleteniyama vadak mama hoya hitiye e money lankavata genna ganna vadak thanks aiya
ReplyDeletenetteler eken lankawata salli gennaganna komada
ReplyDelete